
පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්
පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි.
බස්නාහිර පළාත පුරප්පාඩු 684 ක්, වයඹ 503 ක්, මධ්‍යම 373 ක්, නැගෙනහිර 339 ක්, උතුරු 239 ක්, උතුරු මැද 199 ක්, දකුනු 187 ක්, ඌව 185 ක්, සබරගමුව 161 ක් ලෙස මෙම පුරප්පාඩු පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙයට අමතරව කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් එයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් සහ පළාත් රාජ්‍ය සේවාවේ 120ක් පමණ ඇති බැවින් එම විභාගය ද කඩිනමින් පවත්වන්නැයිද ඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථානුකූලව ඒ බදවා ගැනීම් සදහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන් වෙත ලබා දෙනන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගෙන් ඉල්ලීමක් කරන බවද බණ්ඩාර මහතා කීවේය.
කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරනු ඇතැයි සියලුම කළමනාකරණ සේවා සංගම් අවධානයෙන් පසුවන බවත් අමිල බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.