‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘

‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරනවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයාට ආශිර්වාද කිරිම සදහා අක්මීමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.

එදා ප්‍රතිපත්තියම තමයි අපි අනුගමනය කරන්නේ. අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ.

අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරනවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරනවා.

ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි.