මාලිගාවත්ත පාලමක් යට ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක්

මාලිගාවත්ත පාලමක් යට ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක්

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අංක 637389 ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ ජීව උන්ඩ 21 ක් එහි තිබී සොයාගෙන ඇත.

පාතාල සහ සංවිධානාත්මක අපරාද කල්ලි මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුමේ නිරත කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදී මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබදව පිහිටි පාලම යට කවරයක ඔතා තිබූ මෙම ගිනි අවිය හා ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

Share This