මෛත්‍රීට එරෙහි නඩුවක් ඒකපාර්ශවිකව විභාග කිරීමට නියෝග

මෛත්‍රීට එරෙහි නඩුවක් ඒකපාර්ශවිකව විභාග කිරීමට නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාර්ශවිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට නොමැත.

ඒ අනුව අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ඉසිලීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති අතර සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක්ද අධිකරණය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මොන්ටේගු සරච්චන්ත්‍ර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම අතුරු තහනම නිකුත් කර ඇත.

Share This