අපේ අපේක්ෂකයා අපි වෙලාවට දෙන්නම් – අපිට තව කල් තියෙනවා

අපේ අපේක්ෂකයා අපි වෙලාවට දෙන්නම් – අපිට තව කල් තියෙනවා

අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තව කල් තියෙන බවත්, අවශ්‍ය වෙලාව පැමිණි විට අපේක්ෂකයා ගැන පවසන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පොදු පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙලෙස පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයට ඉල්ලීමට හැකියාවක් තිබෙන බවත්.

පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

කොළඹ සම්බෝධි විහාරයේ පැවතී පින්කමකට එක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.

Share This