මහින්ද අසරණයි – ප්‍රසන්න රණතුංග

මහින්ද අසරණයි – ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය හේතුවෙන් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අසරණ වී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ජනාධිපතිවරණය සඳහා පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතු බවට වන ස්ථාවරයක හිටපු ජනාධිපතිවරයා සිටි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.

පක්ෂයේ සුළු පිරිසකගේ වුවමනාව මත ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට සහාය පල කිරීමට එක්වන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.