මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම හිටපු ජනපති මහින්ද හමුවෙයි

මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම හිටපු ජනපති මහින්ද හමුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා.

ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

එම සාකච්ඡාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී සිලින්ඩරය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වූ මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.

සාකච්ඡාව පැවැත්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සෙත්පතා පිරිත් සජ්ඣායනයක්ද එම නිවසේදී පැවැත්වුණා.