මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අත්අඩංගුවට

මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අත්අඩංගුවට

මහනුවර අධිකරණ සංකිර්ණය තුල බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු අද (02) දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මහනුවර පොලිසිය විසින් ගිනිගත්හේන පොලිසිය වෙත ලබාදුන් තොරතුරු මත ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ පදිංචි අවු 53 වයසැති සිම්කාඩ්පතේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ දුරකථනයක් නොතිබුණු බවත්, තම දුරකථනය ඊයේ (01) දහවල් අස්ථානගත වු බව සැකකරු විසින් පොලිසියට පවසා සිටි බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි, පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Share This