බොරැල්ලේ මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙක්ට තුවාල

බොරැල්ලේ මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙක්ට තුවාල

බොරැල්ල – සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ නිවසක තුන්වන මහලෙන් බිමට වැටී දරුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දහවල් කාලයේ එම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බොරැල්ල මැගසින් පාරේ පදිංචි (16) හැවිරිදි දරුවෙක්.

මෙම දරුවා ඊයේ දහවල් මවට නොදන්වා නිවසින් මහල් නිවාසය වෙත පැමිණ ඇති අතර, ඔහු නිවසේ නොමැති බව දැන ගත් මව, ඔහු නිතර යන එන ඉහත මහල් නිවාසයක නිවස වෙත පැමිණ දරුවාට කතා කර ඇති බව පොලිසිය පවසයි.

මවගේ කතා කතාකිරීමෙන් කලබලයට පත් දරුවා එම නිවසේ පිටුපසට ගොස් දිවගොස් එහි බිත්තියේ සවි කර ඇති සිමෙන්ති ග්‍රිල් මතින් පහලට බසිමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.