web hit counter
පෙම් සබඳතාවක ගැටලුවකට 17 හැවිරිදි සිසුවෙක් ගෙල වැළලාගනියි

පෙම් සබඳතාවක ගැටලුවකට 17 හැවිරිදි සිසුවෙක් ගෙල වැළලාගනියි

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවෙක් ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම පොලීසිය පවසයි.

සිය නිවස පසුපස ඇති රඹුටන් ගසක එල්ලී මෙසේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය සිසුවාගේ නිවැසියන් එක්ව සිසුවා රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබේ.

යසස් ආදිත්‍ය විතාන නම් සිසුවෙක් මෙසේ සිය දිවි නසාගෙන තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )