දක්ෂිණ අධිවේගයේ බෑවුමකට ඩොලමයිට් ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගයේ බෑවුමකට ඩොලමයිට් ලොරියක් පෙරළෙයි

ටොන් 30 ක් පමණ බරුති ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට පෙරැළී අනතුරක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

ලොරිය බෑවුමට පෙරළීමේදී කිලෝ 50 ක බරින් යුත් කොට්ට 600 කින් යුත් ඩොලමයිට් තොගය සමඟ වට තුනක් පෙරළී ඇති බවත් එම අවස්ථාවේදී ලොරි රියදුරු දැඩි වෙහෙසක් දරා සුක්කානමේ එල්ලි ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. රියදුරුට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කහතුඩුව පිවිසුම ආසන්නයේ දි එකවරම ලොරි රථය වම්පස ආරක්ෂිත වැටේ අඩි 30 ක පමණ ප්‍රමාණයක් ලිස්සා විත් බෑවුමට පෙරළී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

ලොරියේ පටවා තිබූ ඩොලමයිට් තොගය ලොරිය අසලම සීසීකඩ වැටී තිබූ අතර ලොරිය ධාවනය වන ආකාරයෙන්ම බැවුමේ පහළ කොටසේ රැඳී තිබූ බව පොලිසිය පැවසීය.

සිදු වූ අනතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ අඩි 25 ක පමණ කොටසකට දැඩි අලහභාණී සිදුවී තිබිණි.