සහන පොළී ණය යෝජනා ක්‍රම කිහිපයක් රජයෙන්

සහන පොළී ණය යෝජනා ක්‍රම කිහිපයක් රජයෙන්

සහන පොළිය මත ණය යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

එළඹෙන සතියේ සිට කර්මාන්තකරුවන් වෙනුවෙන් මෙම සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

මෙම ණය යෝජනා ක්‍රම වලදී 7%, 8% වැනි සහන පොළීය මත ණය ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

 

Share This