ලිට්‍රෝ සමාගමෙන් රුපියල් බිලියන 1.5 ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ සමාගමෙන් රුපියල් බිලියන 1.5 ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය.

ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම ලාභයේ නියම අයිතිකරු වන රජයට එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා යොමු කරන බවත් මෙම මුදල් රජය පාවිච්චි කිරීමෙන් අවසන් ප්‍රතිඵලය ලෙස ජනතාවට සහන ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් මුදිත පීරිස් මහතා පැවසීය.

ආර්ථික ගොඩනැගීමට රජය දරණ උත්සහයට සහයෝගයක් ලෙස මෙම දැවැන්ත මුදල ප්‍රදානය කරන බව කී මුදිත පීරිස් මහතා පැවසුවේ, රජය මෙම මුදලින් අස්වැසුම ව්‍යාපෘතියට හෝ රජයේ සේවක වැටුප් ගෙවීමට හෝ ඕනෑම දෙයකට පාවිච්චි කළ ද එම මුදල් එහි සැබෑ අයිතිකරුවන් වන ජනතාවට නැවත ලැබෙනු ඇති බවත්ය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කොළඹ පිහිටි මූලස්ථානයේදී අද (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව පැවසීය.