ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 60 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 28 කින් ද, පහළ දැමූ බව මුදිත පිරිස් මහතා කීය.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3790 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1522 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 712 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

Share This