ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් හෙට

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් හෙට

මෙරට ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සභාපතිවරයා දන්වා සිටියේය.

Share This