“පොඩි ලැසී” ඇප මත මුදාහැරේ
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) ඇප මත මුදාහැර තිබේ.
බලපිටිය මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා විසිනුයි, අදාළ නියෝගය ලබා දුන්නේ.
බළපිටිය මහාධිකරණයෙන් නියෝග කරන ලද රුපියල් ලක්ෂ 10 ක වත්කම් ඇපයක් අද (09) සම්පූර්ණ කිරීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා පොඩි ලැසී නමැත්තාට ඇප ලබාදෙන ලෙස නියෝග කළේය.
ඇපලැබූ ජනිත් මධුසංක නමැත්තා බළපිටිය අධිකරණ භූමියෙන් පිටව මෝටර් රථයක නැගී ඔහු පදිංචි තෙල්වත්ත දෙසට නොව කොළඹ දෙසට යන අයුරු දැකගත හැකිවිය.
2017 වසරේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය ගොනු කර තිබූ නඩුවක් සැලකිල්ලට ගනිමින් මෙසේ ඇප නියම කරනු ලැබීය.