දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 17 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 17 වන සඳුදා

රාහු කාලය
7:35 am – 9:09 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵලදෙයි. ගමන් බිමන් ද බහුල වෙයි. සභාවේ දිනයි. තනතුරු ලැබීමේ අවස්ථා යෙදේ. තම ආර්ථිකයේ වර්ධනයට හේතු සාදයි. දුර ගමන් විදෙස් ගමන් වැනි දේවලට හේතුයි. භූමි ලාභ ගෙන දෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දෙයි.

Date: 2023-07-17

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල දිනකි. අවිවේකී බව ගෙන දෙයි. යහපත් ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන් අභිමත කරුණු ජය ගනී. රාජකාරී ස්ථානවල කැපී පෙනෙන චරිතයකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2023-07-17

ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුලයි. අතරමඟ නතර කළ ක්‍රියාකාරකම් ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. තම අරමුණු ජය ගන්නා ක්‍රියාශීලී දිනකි. ඉදිමුම් රෝග, ප්‍රමේහ රෝග මතුකරයි.

Date: 2023-07-17

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා කොළ
Qries

කටක

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් ද බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. අලංකාර දේවලට වැය පස ඉහළ යයි. තම ව්‍යාපාරවල දියුණුවට හේතු කරුණු කාරණා යෙදේ. සිරසගත රෝග පීඩා ගෙන දෙන දිනකි.

Date: 2023-07-17

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ ඵල මතු කරයි. කරගෙන පැමිණි ව්‍යාපාරවල හැල හැප්පීම් මතු කරයි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවල ද යෙදේ. වාතාධික රෝග ද මතු කරයි.

Date: 2023-07-17

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ පළ මතු කරයි. තරමක් පීඩාකර්ම දැනේ. ව්‍යාපාරවල තරමක ප්‍රගතියකට හේතු ගෙන දෙයි. තම ඥාතීන් වෙනුවෙන් පොදු සේවා කටයුතු වෙනුවෙන් වැය පස ඉහළ යයි. පාද ආබාධ දෙයි.

Date: 2023-07-17

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

අවිවේකී දිනකි. ක්‍රියාකාරි වලදී පැටලිලි ස්වරූප මතු කරයි. මනසට අවිවේකය ගෙන දෙන අතර කෙටි ගමන් බිමන් ද යෙදේ. වැය පස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු වෙයි. රාජකාරි බහුල වෙයි.

Date: 2023-07-17

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සාමාන්‍ය ලෙසින් දවස ගෙවන අතර තම සැලසුම් ක්‍රියා කිරීමට නොහැකි වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. පෙනහළු ආසාදන රෝග මතු කරයි. වෙහෙස ගෙන දෙයි.

Date: 2023-07-17

ජය අංකය: 03
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. තම නිර්මාණ ඇරඹීමට ශුභයි. විනෝද ගමන්වලට හේතුයි. ඥාති මිතුරන් ඒකරාශීව ක්‍රියා කරයි. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2023-07-17

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. රැකියා ස්ථානවල බාධා එල්ල වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු දිනකි. සතුරු බලපෑම් මත සිත චංචල කරවයි. මිල මුදල් වැය වන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි. රෝග මතු කරයි.

Date: 2023-07-17

ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රබෝධයෙන් දවස ක්‍රියා කරයි. දුර ගමන් සැලසුම් කරයි. හිතමිතුරන් සමඟ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ව්‍යාපාරවල දියුණුව පෙනේ. යටපත්ව තිබූ රෝග මතුවීමේ ප්‍රවණතාව ඇති වෙයි.

Date: 2023-07-17

ජය අංකය: 01
ශුභ වර්ණය: දුඹුරු
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. වන්දනා ගමන් වැනි දේට හේතුයි. ප්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැය පස ඉහළ යයි. සෙම් බහුල රෝග ඉදිමුම් රෝගාදී ක්‍රියාවකට හේතුයි.

Date: 2023-07-17

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This