දවසේ ලග්න පලාපල – 2024 මාර්තු මස 12 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 මාර්තු මස 12 වන අඟහරුවාදා

රාහු කාලය
3:21 pm – 4:52 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

 

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි බහුල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකරයි. යටපත්ව තිබූ සතුරු බලපෑක් මතුවෙයි. අමතර ක්‍රියාකාරකම් ද සාර්ථකව ඉටුකරයි. බලාපොරොත්තු රහිතව ධනය ලබයි. සෙම් දූෂිත රෝග මතු කරයි.

Date: 2024-03-12

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

උනන්දුවෙන් ක්‍රියාකරයි. සමාජ සත්කාරක ක්‍රියාකාරකම්වල යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළ යයි. කරුණු කාරණා යෙදේ. භූමිලාභ සම්පත් ගෙනදෙන දිනකි. සන්ධි වාතරෝග මතු කරයි.

Date: 2024-03-12

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

මිථුන

ගමන් බිමන් තරමක් යෙදේ. ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියායෙදේ. යටපත්ව තිබූ ගනුදෙනුවක් ශුභවාදීව විසඳේ. අසල්වැසි සුහදතා වර්ධනය වේ. සෙම් කෝප රෝග ද මතු කරයි.

Date: 2024-03-12

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

දුරදිගබලා ක්‍රියාකළයුතු දිනකි. තරමක් බාධක මතුකරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. රැකී රක්‍ෂාවල උනන්දුවෙන් යෙදේ. අමතර ලාභගෙන දෙන දිනකි. මනස සන්සුන් වේ. ශිරෝගත රෝග මතුවේ.

Date: 2024-03-12

ජය අංකය: 03
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

තරමක් අවිවේකී දිනකි. සමාජ සේවා කටයුතුවල මුල්ව ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට සහභාගිවීම් ආදියට හේතුයි. තරමක් මිල මුදල් වැය වෙයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2024-03-12

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. මහජන ප්‍රසාදයට පත්වෙයි. ආගමානුකූල චාරිත්‍ර දාන ශීලාදී ක්‍රියාවන්වල යෙදේ. හදිසි ධන වාසනා ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.

Date: 2024-03-12

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර මිල මුදල් ද බලාපොරොත්තු රහිතව වැය වෙයි. ආගමිකවතාවත් උත්සව වැනි දේ ගරු කරයි. ප්‍රීති සාද වැනිදේවල් යෙදෙන වැය ඉහළ යන දිනකි. පෙණහලු ආසාදන රෝග සාදයි.

Date: 2024-03-12

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සැහැල්ලු මනසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. ඔවුන් වෙනුවෙන් මිල මුදල්ද තරමක් වැය කිරීමට සිදුවෙයි. ආගමික වතාවත් පුද පූජා ගරුකර දවස ගෙවයි. ස්නායු රෝග, හන්දි රෝග මතු කරයි.

Date: 2024-03-12

ජය අංකය: 04
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභාශුභ ඵලදෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාරවල පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. විනෝදගමන් දුරගමන් යෙදේ.

Date: 2024-03-12

ජය අංකය: 01
ශුභ වර්ණය: කොල
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන් සමග ඒකරාශිව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් වැයවේ.

Date: 2024-03-12

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ගවලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟ ම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූල රෝග, බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. කාලය හා ධනය වැයවන දිනකි.

Date: 2024-03-12

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇතිවෙයි. දහමට ද ලැදිව ක්‍රියාකරයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි. විනෝද ගමන් වන්දනා ගමන් යෙදෙයි.

Date: 2024-03-12

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි