දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 08 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 08 වන අඟහරුවාදා

රාහු කාලය
3:22 pm – 4:55 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

වැඩ රාජකාරි අධික වන අතර වැයපස ද ඉහළ යන බැවින් දූරදර්ශීව ක්‍රියා කළ යුතු දිනකි. සුහද හමුවීම් සාකච්ඡා වැනි දේවලට හේතු අතර නව සබඳතා වර්ධනය වෙයි. ආර්ථික වාසි දෙයි. සෙම් බහුල රෝග ද මතු වෙයි.

Date: 2023-08-08
ජය අංකය: 07
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

කලබලකාරි ස්වරූපයක් ඇති කරයි. වගකීම් බහුල දිනකි. ඇසුරු කරන්නන් සමග නානා මතවාද ගෙන දීමට ඇති බැවින් ඉවසීම මැනවි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. ලේ දූෂිත රෝග ප්‍රමේහ රෝග මතුවේ.

Date: 2023-08-08
ජය අංකය: 03
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

රැකියා ස්ථානවල වගකීම් රැසක් පැවරේ. බුද්ධිමත් විය යුතුයි. අන් අයගේ අවධානයට විවේචනයට ලක් වෙයි. සෘජු ගුණයෙන් ක්‍රියා කළ යුතුයි. තම ව්‍යාපාරවල තරමක මන්දගාමී ස්වරූපයක් ඇති කරයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග ද මතු වෙයි.

Date: 2023-08-08
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරි දිනකි. අතරමඟ නතර කළ වැඩ ඉදිරියට කර ගෙන යෑමේ ශක්තිය ඇති වෙයි. විදෙස්ගත වීම් සඳහා මූලික කටයුතු ක්‍රියාත්මක වෙයි. තරමක් මිල මුදල් වැය වීමට හේතු ඇති වේ. සිරසගත රෝග ද මතු කරයි.

Date: 2023-08-08
ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ ඵල දෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර අවිවේකය මත තරමක් ආවේගශීලි ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතුයි. සතුරු බලපෑම් එල්ල වීමට ද හේතුයි. සෙම් ආසාදන රෝග මතු කෙරේ.

Date: 2023-08-08
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

කන්‍යා

ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. තම රාජකාරි එදිනෙදා ක්‍රියාකාරකම් ආදියෙහි උනන්දුවෙන් යෙදෙන අතර තම ළඟම ඥාතීන් සඳහා වැයපස ද ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-08-08
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් පොදු රාජකාරි බහුල දිනකි. මනසට වධ දෙන ප්‍රශ්න ද මතු කරයි. වැයපස ද ඉහළ යයි. කලකිරීම් මත දවස ගෙවයි. ව්‍යාපාරවල තරමක වර්ධනයට හේතු සාදයි. යටපත්ව තිබූ රෝග මතු වෙයි.

Date: 2023-08-08
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල මතු කරයි. තම ක්‍රියාකාරකම්වලදී කැපී පෙනෙයි. පරෝපකාරීව දවස ක්‍රියා කරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. සුළුවෙන් හෝ හදිසි ධන වාසනා ලාභ ලබයි. සෙම් ආසාදන රෝග මතු වෙයි.

Date: 2023-08-08
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

කලබලකාරි ගති මතු කරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතු කරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.

Date: 2023-08-08
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

මකර

අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. සතුරු බලවේග ද මතු වීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු කරවයි. තනතුරු ලාභ, වරප්‍රසාද ලබන දිනකි.

Date: 2023-08-08
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇති වෙයි. ඥාති මිත්‍රතා සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමග සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග, කොන්දේ වේදනා මතු වේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.

Date: 2023-08-08
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියා කරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපස ද ඉහළ යයි. ප්‍රසාදයට පත් වෙයි. ඉදිමුම් රෝග, සන්ධි වාත මතු වේ. දහමට ද ලැදිව ක්‍රියා කරයි.

Date: 2023-08-08
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්