දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 21 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 21 වන සඳුදා

රාහු කාලය
7:36 am – 9:08 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵලදෙයි. ක්‍රියාකාරී දිනකි. රාජකාරී වැඩ අධික වෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. තම අවශ්‍යතා ඉටු නොවුණ ද උනන්දුවෙන් දවස ක්‍රියාකරයි. සෙම් රෝග උෂ්ණ රෝග මතුවේ.

Date: 2023-08-21

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වන අතර තම ක්‍රියාකාරකම් කෙරෙහි අන් අයගේ අවධානය වැඩිවන බැවින් බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභ නොවේ. ස්නායුගත රෝග මතුකරයි.

Date: 2023-08-21

ජය අංකය: 08
ශුභ වර්ණය: කහ
Qries

මිථුන

තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවසේ වැඩි කාලයක් ක්‍රියාකිරීමට සිදුවේ. රාජකාරි අතපසුවීමට ඉඩ තිබේ. අන් අයගේ විවේචනයට පාත්‍ර වන බැවින් ඉවසීමෙන් දුරදිග බලා තීරණය ගත යුතුය. අම්ල පිත්ත රෝග ඉස්මතු වෙයි.

Date: 2023-08-21

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් ආවේගශීලීගති මතු කරයි. රාජකාරී ස්ථානවල කැපී පෙනේ. නමුත් බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු ඇසුරු කරන්නන් නිසා තරමක් පීඩනයට පත්වන කරුණු යෙදේ.

Date: 2023-08-21

ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවයි. නිවස තුළ ක්‍රියාකාරකම්වල යෙදෙන අතර වාතාධික රෝග ඉදිමුම් රෝගාදියට හේතුයි. ප්‍රීතිසාද වැනි දේවලට හේතුයි.

Date: 2023-08-21

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
Qries

කන්‍යා

සුළු සුළු ගමන් යෙදීම මත අවිවේකය ද වැයපස ද ඉහළ යයි. නවක මිතුදම් ඇතිවෙයි. අනුන් විශ්වාස කර වැඩ කටයුතුවල යෙදීම ශුභවාදී නොවේ. සෙම් කෝප රෝග, පෙනහළු ආසාදනවලට හේතුයි.

Date: 2023-08-21

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරික කටයුතුවල තත්ත්වය පහත වැටේ. තරමක් සොර සතුරුකම්වලට ද හසුවේ. තම අරමුණු බාධා ගෙන දෙයි. මෞත්‍රලිංගික පද්ධති රෝග මතු කරයි. හදිසි ධන වාසනා ලාභ ද ලබන දිනකි.

Date: 2023-08-21

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල තරමක් පහත වැටීමක් පෙන්වයි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු වෙයි. සිත් චංචල කරවයි. ආහාර විෂවීමේ රෝගවලට හේතුයි. බුද්ධිමත්ව ක්‍රියාකර තමනට ජය ගත හැක.

Date: 2023-08-21

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ක්‍රියාශීලී දිනකි. තම ඇසුරු කරන්නන් හා සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි දිනකි. මිතුරන්ගෙන් උපදෙස් උපකාර ලබයි. පාදවල ආබාධ ඉදිමීමේ රෝග සාදයි.

Date: 2023-08-21

ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
Qries

මකර

තරමක් අවිවේකී දිනකි. කාලය හා ධනය වැයවන අතර මනසට අවිවේකය ඇතිවෙයි. රාජකාරී කටයුතුවලදී ඉවසීම මැනවි. හදිසි ලාභ මතුකරයි. සිරසගත රෝග මතුවන දිනකි. ආගමික උත්සව වැනි දේවලට යොමුවේ.

Date: 2023-08-21

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා දම්
Qries

කුම්භ

ශුභාශුභ ඵලදෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නව නිපැයුම්වලට ශුභයි. අමතර ලාභ ලබයි. කොන්දේ අමාරු මතුකරයි. ප්‍රීති සාද වැනි දේවල්වලට සහභාගි වේ.

Date: 2023-08-21

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

මීන

සුළු සුළු ගමන් බිමන් යෙදුනත් වැය පස ඉහළ යන දිනකි. බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු අතර රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. සෙම් ආසාදන රෝග ඌෂ්ණ රෝග මතුකරයි. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි.

Date: 2023-08-21

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ

Share This