දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 10 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 10 වන සඳුදා

රාහු කාලය
7:33 am – 9:07 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි තරමක් බහුල දිනකි. නව මාදිලියේ ක්‍රියාකාරකම්වල ද යෙදෙන අතර භූමිය පිළිබඳ වැඩටයුතුවලින් ජයගන්නා දිනකි. හදිසි ධන ලාභ ද ලබයි. සන්ධි රෝග, වාත රෝග මතුකරයි.

Date: 2023-07-10

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ශුභාශුභ ඵල දෙයි. දුරස්ථ වූ ප්‍රේම සබඳතා, මිතුරන් නැවත සමීපවන දිනකි. නව නිපැයුම් ආරම්භයට හොඳයි. රාජකාරි සෘජුව ඉටුකරන අතර තනතුරු වරප්‍රසාද වැනි දේ ලබන දිනකි. ස්නායුගත රෝග, ප්‍රමේහ රෝග මතුවෙයි.

Date: 2023-07-10

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ගමන් බිමන් තරමක් ප්‍රබල වෙයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි මුල්තැන ගෙන ක්‍රියාකරයි. අලංකාර කටයුතු සඳහා මිල මුදල් වැයකරන දිනකි. මහජන ප්‍රසාදයට පත්වන, අමතර ලාභ ලබන දිනකි. ඉදිමුම් රෝග වැනි දෑ මතුකරයි.

Date: 2023-07-10

ජය අංකය: 03
ශුභ වර්ණය: ලා කොළ
Qries

කටක

අවිවේකී බව ගෙනදෙයි. තම අරමුණු තරමක් ජයගනී. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම වටිනා ක්‍රම ද ප්‍රදර්ශනය වෙයි. උත්සව සභාවන්වලට ද සහභාගි වෙයි. හදිසි ලාභ ගෙනදෙයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-07-10

ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ගමන් බිමන් බහුල වෙයි. දුර ගමන් යෙදේ. අසල්වැසි සබඳතා වර්ධනය වන ක්‍රියා යෙදේ. මහජන ප්‍රසාදයට එක්වන ක්‍රියා ද යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදෙන, වැයපස ඉහළ යන දිනකි. මුත්‍රා ආසාදන රෝග යෙදේ.

Date: 2023-07-10

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

දුර ගමන් බිමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වන්දනා ගමන්, විනෝද ගමන් යෙදෙන, තම වැයපස ඉහළ යන දිනකි. ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන ලාභ ලබයි. මෞත්‍ර රෝග, මුඛ රෝග වැළඳෙයි.

Date: 2023-07-10

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ක්‍රියාකාරකම් බහුල දිනකි. අවිවේකී බවක් ඇතිවේ. තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. උත්සව සභාවන්, සමිති සමාගම් ආදියේ ක්‍රියාකාරී වේ. අමතර ලාභ ද ලබයි. හදිසි රෝගාබාධවලට හේතුයි.

Date: 2023-07-10

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ප්‍රීති උත්සව, සාද වැනි දේවල් සංවිධානයට, ඒවාට සහභාගි වීමට අවස්ථා යෙදේ. විනෝද චාරිකාවල යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ද ලැදිව ක්‍රියාකරන දිනකි. උෂ්ණ රෝග, පාචන රෝගාදියට හේතුයි.

Date: 2023-07-10

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා රෝස
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම නිවසේ උත්සවශ්‍රියාවක් මතුකරයි. වැයපස ඉහළ යයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-07-10

ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාති සබඳතා වර්ධනය වෙයි. පරෝපකාරී ක්‍රියා කරන දිනකි. විනෝදජනක ක්‍රියා, උත්සව, සැණකෙළි වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-07-10

ජය අංකය: 07
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභ දිනකි. ප්‍රබෝධමත්ව දවස ගෙවයි. ප්‍රීති උත්සව, විනෝදජනක ක්‍රියාවන් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝදයෙන් දවස ගෙවයි. වැයපස ඉහළ යයි. ලිංගික ආසාදන රෝගවලට හේතුයි.

Date: 2023-07-10

ජය අංකය: 04
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභ ඵල දෙයි. තම පවුලේ සාමාජිකයන් සමග විනෝදයෙන් දවස ගෙවයි. ඥාති මිත්‍රතා වර්ධනය වන කරුණු යෙදේ. උත්සව, සැණකෙළි වැනි දේවලට ද යොමුවන වැයපස ඉහළ යන දිනකි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2023-07-10

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Share This