දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 12 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 12 වන බදාදා

රාහු කාලය
12:16 pm – 1:50 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුල වන දිනකි. උත්සව සභාවන්හි සහභාගි වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනෙන අතර හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග සාදයි.

Date: 2023-07-11

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ක්‍රියාකාරි දිනකි. රාජකාරි ස්ථානවල සතුරු බාධා ඉවත් වෙයි. වගකීම් බහුල වෙයි. ළඟම මිත්‍රයකු නිසා මිල මුදල් වැය වෙයි. නිශ්ඵල දේවල් සඳහා ද වැය පස ඉහළ යයි. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝග මතුකරයි.

Date: 2023-07-11

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

දවසේ ක්‍රියාකාරකම්වලදී මුල් වී වැඩ කිරීමට සිදුවේ. ප්‍රීතිසාද උත්සව වැනි දේට ඇරයුම් ලබයි. වැඩ කටයුතුවලදී බාධා එල්ල වුවද ඉදිරියට කරගෙන යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. සන්ධි රෝග ඉදිමුම් රෝග මතු වේ.

Date: 2023-07-11

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

කලක් ඇසුරින් දුරස්ථව සිටි මිතුරු මිතුරියන් නවක ලෙසින් සුහද වෙයි. ඇසුරු කරන්නන්ගේ උදව්වෙන් දවසේ ක්‍රියාවන් ජය ගනී. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන හදිසි ලාභ ලබන දිනකි. සිරසගත රෝග සාදයි.

Date: 2023-07-11

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභ ඵල දෙයි. රැකියා ස්ථානවල අස්ථානගත චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු වන අතර තම ඥාති මිත්‍රාදීන් සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අක්‍ෂි රෝග කර්ණ රෝග මතු කෙරේ. දහමට ලැදිව ක්‍රියාකරන දිනකි

Date: 2023-07-11

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරසගත රෝග ද මතුකරන දිනකි. රැකියා ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි.

Date: 2023-07-11

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

සුළුවෙන් හෝ ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතුවෙයි. වැයපස ඉහළ යයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ප්‍රීතිසාද වැනි දේවලට යොමු වේ.

Date: 2023-07-11

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා රෝස
Qries

වෘශ්චික

අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේගශීලී වෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි.

Date: 2023-07-11

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද අධික වීමෙන් වැය පස ද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.

Date: 2023-07-11

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජය ගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකරණ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.

Date: 2023-07-11

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදු වේ. තමනට ද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතු වේ.

Date: 2023-07-11

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැවති අඩුපාඩු දැන ගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධනලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග පෙනහළු රෝග මතු වේ.

Date: 2023-07-11

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි