දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 18 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 18 වන බදාදා

රාහු කාලය
12:04 pm – 1:35 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ක්‍රියාශීලි දිනකි. රාජකාරි බහුල වෙයි. අවිවේකී බවක් මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු අතර අතපසුවීම් විවේචනයට ලක්වෙයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට ද හේතුයි. වැයපස ඉහළ යන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

දුර ගමන් යෙදේ. අවිවේකී බව මත අතපසු සිදුවන දිනකි. තම ඇසුරු කරන්නන් සමග වාද විවාද ගෙන දීමට හේතුයි. වාද විවාද ශුභවාදී නොවේ. මහජන සබඳතා වර්ධනය වන දිනකි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

රාජකාරි ස්ථානවල මතවාද මතු කරයි. ක්‍රියා කිරීමේදී දුරදිග බලා කටයුතුවල යෙදිය යුතුය. නොකළ වැරදිවලට චෝදනා එල්ල වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. සන්ධි රෝග, ස්නායු රෝග මතුකරයි.

Date: 2024-09-18
ජය අංකය: 03
ශුභ වර්ණය: තැඹිලි
Qries

කටක

ක්‍රියාකාරකම් බහුලයි. රැකියා ස්ථානවල මතභේද හටගන්නා කරුණු යෙදෙන අතර ඉවසීමෙන් දවසම ක්‍රියා කළ යුතුය. ප්‍රීති උත්සව සාද වැනි දේවල්වලට ද හේතු ගෙන දෙයි. සිරසගත රෝග, හෘද ආබාධ මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල උදා කරයි. හවුල් ව්‍යාපාරවලින් ජය ලබයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සෙම් බහුල වීමෙන් හටගන්නා රෝගවලට හේතුයි.

Date: 2024-09-18
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රෝස
Qries

කන්‍යා

ශුභඵල මතු කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. රැකියා ලාභ ලබයි. රැකියා ස්ථානවල ප්‍රධාන වෙයි. යාන වාහන මිලට ගැනීමට, විකිණීමට ශුභයි. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2024-09-18
ජය අංකය: 05
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරදිග නොබලා ක්‍රියා කිරීමෙන් තරමක් අවාසි සිදු කරගනී. සන්ධි, වාත රෝග මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දුර ගමන් බිමන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. නව නිපැයුම් සිදු කිරීමට ශුභ දිනකි. තරමක් වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සදයි.

Date: 2024-09-18
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තරමක් විනෝදයෙන් දවස ක්‍රියා කරයි. යටපත්වූ වැඩකටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදෙන අතර වැදගතුන් ඇසුරට එක් වෙයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 02
ශුභ වර්ණය: ළා කොළ
Qries

මකර

ක්‍රියාකාරී දිනකි. තම ඥාතීන් සමග ගමන් බිමන් යෙදේ. තම වෙළෙඳාම් ව්‍යාපාරවල දියුණුව දැකගත හැකි දිනකි. විදෙස්ගත වීම් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදේ. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 06
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් තරමක් යෙදෙන ප්‍රීති උත්සව ද යෙදෙන දිනකි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා මතු කරයි. තරමක් වියපැහැදම් අධික දිනකි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

රාජකාරි මෙන්ම අමතර ක්‍රියා බහුල වීමේදී අවිවේකී බව ඇති කරයි. ලිපි ලේඛන, රචනා ආදියෙන් ජය ගෙන දෙයි. ප්‍රේම සබඳතා ඇතිවේ. ඇති සබඳතා වර්ධනය වේ. ශීරෝ රෝග , උගුරේ අමාරු මතු කරයි.

Date: 2024-09-18
ජය අංකය: 09
ශුභ වර්ණය: කහ