දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා

Qries

මේෂ රාජකාරි බහුල වෙයි. අවිවේකී බවක් ගෙන දෙයි. ආවේගශීලි ගති මතු කරයි. අනුන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ධන ලාභ දෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දේ.

Date: 2025-02-18

ජය අංකය: 07

ශුභ වර්ණය: තද රෝස

Qries

වෘෂභ ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි බහුලයි. අමතර ගමන් බිමන් යෙදේ. තම අරමුණුවලට බාධා ඇති කරයි. තම ඉඩකඩම් පිළිබඳ පැවති බාධා ඉවත් වෙයි. සතුරු බලපෑම් දමනය වේ. ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන, රත්ත රෝග මතු වේ.

Date: 2025-02-18

ජය අංකය: 02

ශුභ වර්ණය: සුදු

Qries

මිථුන උනන්දුවෙන් ක්‍රියා කරයි. රාජකාරි බහුල දිනකි. තම ව්‍යාපාරවල ජය ගෙන දෙයි. කලක් මනසට වධ දුන් ප්‍රශ්නවලින් ජය ලබයි. භූමි ලාභ සම්පත් මතු කරයි. ප්‍රසාද දිනකි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි.

Date: 2025-02-18

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

කටක තම ව්‍යාපාරවල පැහැදිලි ජයක් ගෙන දෙයි. සතුරන් දමනය වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. ගමන් බිමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. සිරස රෝග මතු කරයි.

Date: 2025-02-18

ජය අංකය: 04

ශුභ වර්ණය: කහ

Qries

සිංහ කෙටි ගමන් බිමන් සහ දුර ගමන් ද යෙදේ. විනෝදජනක ක්‍රියාවන් සඳහා යොමුවෙයි. නිවාස අලංකරණයට ද හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. හදිසි ලාභ දෙයි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.

Date: 2025-02-18

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා දම්

Qries

කන්‍යා ක්‍රියාශීලි දිනකි. දවසේ ක්‍රියාකාරකම්වලින් ජය ගෙන දෙයි. අලංකාර කටයුතු ඇඳුම් පැලඳුම් ආදියෙහි වැයපස ඉහළ යයි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ජය දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වේ.

Date: 2025-02-18

ජය අංකය: 03

ශුභ වර්ණය: ළා කොළ

Qries

තුලා කලබලකාරි දිනකි. නමුත් ඉවසීමෙන් ක්‍රියාකළ යුතු වේ. ක්‍රියාකාරකම්වලදී වාද භේද ශුභවාදී නොවේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. ආමාශගත රෝග මතු වේ.

Date: 2025-02-18

ජය අංකය: 07

ශුභ වර්ණය: ළා නිල්

Qries

වෘශ්චික තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවේ. අලංකාර දේවල් බඩු භාණ්ඩ ක්‍රියාවන් ආදියට වැයපස ඉහළ යයි. සිරසගත රෝග ද මතු කරවන දිනකි.

Date: 2025-02-18

ජය අංකය: 08

ශුභ වර්ණය: රතු

Qries

ධනු සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. බලාපොරොත්තු රහිත මිල මුදල් වැය වේ. ආදායම් මාර්ගවලද තරමක් හිරවීම් ඇති වෙයි. දහමට අවතීර්ණ වෙයි. උෂ්ණාධික රෝග, සෙම් කෝප ඇතිවෙයි. ප්‍රීති සාදවලට ද යොමු වේ.

Date: 2025-02-18

ජය අංකය: 09

ශුභ වර්ණය: ළා රෝස

Qries

මකර අසල්වැසියන් සමග ඒකරාශිව ක්‍රියාකරයි. රාජකාරි වැඩ තරමක් අවුල් සහගත තත්ත්ව ඇතිවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය වේ. ලේ දූෂිත රෝග මතු කරයි. දුරදිග බලා තීරණ ගතයුතු දිනකි.

Date: 2025-02-18

ජය අංකය: 03

ශුභ වර්ණය: නිල්

Qries

කුම්භ ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව පොදු සේවා කටයුතු, ආගමික කටයුතු ආදියෙහි යෙදේ. තම තැන්පත් ධනය තරමක් වැය වෙයි. වාත වේදනා, ඉදිමුම් ආදි රෝග මතු කරයි. ප්‍රීති සාදවලට ද සහභාගි වෙයි.

Date: 2025-02-18

ජය අංකය: 05

ශුභ වර්ණය: ළා දම්

Qries

මීන ගමන් බිමන් මත අවිවේකය ද ආර්ථිකය ද තරමක් හීනවෙයි. තම ඥාතියකු නිසා තරමක් වේදනාවට පත්වෙයි. ණය තුරුස් වීමට ද ඉඩ තිබේ. සෙම් බහුල රෝග, පෙණහලු රෝග සාදයි. දහමට ද අවතීර්ණ වෙයි.

Date: 2025-02-18

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා රතු