
දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා
රාහු කාලය
10:54 am – 12:24 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන

මේෂ ක්‍රියාකාරී කටයුතු බහුලයි. පොදු වැඩ සමාජ සද්කාරක ක්‍රියා ආදිය යෙදේ. අවිවේකී බවක් යෙදෙන අතර උත්සව සාද වැනි ක්‍රියාද යෙදේ. තම අරමුණු මත කරුණු ඉටුවෙයි. ලේ දූෂිත රෝග මේහ රෝග දේ.
Date: 2025-02-21
ජය අංකය: 05
ශුභ වර්ණය:

වෘෂභ ශුභා ශුභ මිශ්රඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. අලංකාර කටයුතු යෙදේ. වැයපස ද ඉහළ යයි. විනෝද ගමන් යෙදේ. ආගමික වතාවත් පුද පූජා වැනි දේවල් දියත් කෙරේ. මුඛ රෝග, නේත්‍ර රෝග මතුකරයි.
Date: 2025-02-21
ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය

මිථුන ගමන් බිමන් බහුලවෙයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තරමක සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිමත්ව ක්‍රියාකර ජයගත හැකිය. නව නිපැයුම් ඇරඹීමට ද හේතුයි. වැය ඉහළයි. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-02-21
ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්

කටක ක්‍රියාකාරකම් බහුල දිනකි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. විනෝද ගමන් සංවිධානයට හේතුයි. වැදගතුන් ඇසුරට එක්වෙයි. හදිසි ධන ලාභ දෙයි. සිරසගත රෝග ද මතුකරයි.
Date: 2025-02-21
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්

සිංහ තරමක් අලසගති ඉස්මතු කරයි. දවසේ සැලසුම් ක්‍රියා අඩපණ වෙයි. ආවේගශීලී ගති උපදවන බැවින් ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපස ද ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත රෝගවලට හේතුයි.
Date: 2025-02-21
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි

කන්‍යා තරමක් ශුභවාදී ඵලදෙයි. තම අරමුණු තරමක් සාර්ථක කරගනී. රැකියාවල ප්‍රබෝධයෙන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදෙන අතර ඔවුන් නිසා වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග මතුකරන දිනකි.
Date: 2025-02-21
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ

තුලා ශුභා ශුභ මිශ්රඵල දරයි. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන අතර තරමක් ආවේගශීලී ගති මතුකරවයි. ඉවසීමෙන් දින චර්යාව ගතකළ යුතුය. හදිසි ධන වාසනා එල්ලවීමට ද නියමිතය. වාතාධික රෝග ඉස්මතු කරවයි.
Date: 2025-02-21
ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු

වෘශ්චික ශුභා ශුභ ඵලදෙන දිනකි. ගමන් බිමන්වලදී ප්රවේශමද මැනවි. රැකියාවල දිරිමත්ව ක්‍රියාකරයි. සතුරු බලවේග දමනය වේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග පීඩා මතුකරයි. වැයපස වඩාත් ඉහළ යන දිනකි.
Date: 2025-02-21
ජය අංකය: 04
ශුභ වර්ණය: රතු

ධනු දහමට ළැදිව ක්‍රියාකරන අතර ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්රියාවක් ගෙනදෙයි. තරමක් මිල මුදල් වැයවේ. තම වටිනාකම තම ඥාතීන් අතර ඇතිවෙයි. නේත්‍ර රෝග මුඛ රෝග මතුකරයි.
Date: 2025-02-21
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ

මකර ශුභා ශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. පරාර්ථය මුල්කර ක්‍රියාකරයි. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග මූල රෝග මතුවේ.
Date: 2025-02-21
ජය අංකය: 07
ශුභ වර්ණය: නිල්

කුම්භ සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ආගමික වතාවත් දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. තම ඥාතීන් අතර ගෞරවයට පත්වෙයි. ඇසුරු කරන්නෝ දහමට යොමුකරවයි. අභ්‍යන්තර ඉන්ද්රියහි රෝග මතුවේ.
Date: 2025-02-21
ජය අංකය: 06
ශුභ වර්ණය: ළා රෝස

මීන ශුභා ශුභඵල දෙයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවෙයි. ආගමික උත්සව සංවිධානයට සහභාගිවීමට හේතුයි. ප්රීතිසාද උත්සව වැනි දේවල ද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතුකරයි.
Date: 2025-02-21
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්