දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 01 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 01 වන අඟහරුවාදා

රාහු කාලය
3:23 pm – 4:57 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. සුපුරුදු ක්‍රියා අත්හැර ආගමික ක්‍රියාවන්වල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත යොමුකරයි. දානශීලාදී ගුණධර්මවල යෙදේ. හදිසි ලාභද ලබයි. ස්නායුගත රෝග වාතරෝග මතුවේ.

Date: 2023-08-01

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාශීලී දිනකි. පොදු සේවා කටයුතු ආගමික කටයුතු ආදියෙහි යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාමත ක්‍රියාකරයි. මිල මුදල් වැයවන දිනකි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභ නොවේ. සෙම් ආශ්‍රිත රෝග මතු කරයි.

Date: 2023-08-01

ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ගමන් බිමන් ඇතිවේ. වන්දනාමාන ක්‍රියාවන්වල යෙදේ. දානශීලාදී ක්‍රියාවන්හි යොමුවන අතර පරෝපකාරීව ක්‍රියාකරන දිනකි. ආගමික උත්සවවලට සහභාගි වන අතර වියපැහැදම්ද කරයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරන දිනකි.

Date: 2023-08-01

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ ඵලදෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ඥාතීන්ද දහමට යොමුකරවන ක්‍රියාවන්වල යෙදේ. අසල්වැසි සුහදතා ඇතිකරවයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-08-01

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. දානමාන කටයුතු ශීලාදී ක්‍රියාකාරකම් ආදියෙහි යොමු වන අතර සැහැල්ලු සිතින් දවස ගෙවයි. තරමක් වැයපසද ඉහළ යයි. සිරසගත රෝගද මතු කරයි.

Date: 2023-08-01

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. වන්දනාගමන් පුද පූජා ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ක්‍රියාවන්හිද යොමුවන තම ඇසුරු කරන්නන්ද දහමට යොමුකරවන ක්‍රියාකාරී දිනකි. අමතර ලාභද ලබයි. සෙම් කෝප රෝගද මතු කරයි.

Date: 2023-08-01

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

තුලා

ක්‍රියාකාරී දිනකි. ආගමික උත්සව වැනි දේවලට සහභාගි වෙයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැයපසද ඉහළ යන දිනකි. පොදු සේවාවල යෙදේ. ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2023-08-01

ජය අංකය: 06
ශුභ වර්ණය: අළු පැහැය
Qries

වෘශ්චික

ආගමික චාරිත්‍රවලට මුල්තැනදී ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් සමඟ දහමට යොමුවන කරුණුවල යෙදේ. ප්‍රීතිසාද වැනි දේවලටද හේතුයි. තරමක් මිල මුදල් වැයවන දිනකි. හදිසි රෝග කැපුම් කෙටුම්වලට හේතුයි.

Date: 2023-08-01

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

ධනු

ගමන් බිමන් බහුල වෙයි. ආගමික උත්සව පුද පූජා වැනි දේවලටද යොමු වෙයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළයි. අම්ලපිත්ත රෝග ඉස්මතු වෙයි.

Date: 2023-08-01

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ක්‍රියාකාරී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දානශීලාදී පුණ්‍ය ක්‍රියාවන්හි මුල්වී ක්‍රියාකරන දිනකි. මිල මුදල්ද තරමක් වැයවෙයි. තෘප්තිමත්ව දවස ක්‍රියා කරයි. ලේ දූෂිත රෝග, ලේ ආශිත රෝග මතු කරයි.

Date: 2023-08-01

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

සැහැල්ලු මනසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන අතර තම පදිංචි ස්ථානය තරමක උත්සවශ්‍රියාවක් ඇතිකරයි. දහමට ලැදිව ආගමික වතාවත්ද මුල්කර ක්‍රියාකාරකම්වල යෙදේ. වාතාධික රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2023-08-01

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අධ්‍යාත්මික ගුණවගාවන් වර්ධනය කරගනියි. වියපැහැදම් අධික වන දිනකි. මූල රෝග ආමාශගත රෝගාදියට හේතුයි.

Date: 2023-08-01

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Share This