දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 12 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 12 වන සිකුරාදා

රාහු කාලය
10:33 am – 12:07 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

කලබලකාරී දිනකි. රාජකාරි ද බහුල වෙයි. මංගල සාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. උත්සව සභාවල කැපී පෙනේ. ක්‍රියාකාරකම් බහුල වේ. උගතුන් ඇසුරට පත්වෙයි. ඌෂ්ණ රෝග සෙම් රෝග මතුකරයි.

Date: 2023-05-12

ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල වෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යොමු වන දිනකි. නවක මිතුදම් බැඳේ. තරමක් කැපී පෙනීමට උත්සාහ දරන දිනකි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. හදිසි ලාභ ද ලබයි. මූල රෝග බඩවැල් රෝග මතුවේ.

Date: 2023-05-12

ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
Qries

මිථුන

රාජකාරි ක්‍රියාද අමතර ක්‍රියාද බහුල වෙයි. නව නිපැයුම් ව්‍යාපාර ඇරඹීමට ශුභයි. උගතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. විදෙස් ගමන් සඳහා යෝග්‍ය වේ. හදිසි ධන ලාභ ගෙන දෙන දිනකි. වාතාධික රෝග ඉදිමුම් රෝග මතු කෙරේ.

Date: 2023-05-12

ජය අංකය: 08
ශුභ වර්ණය: කොල
Qries

කටක

දුරදිග සිතා බලා ක්‍රියාකළ යුතු රාජකාරි බහුල වන අතර රැවටිලිවලට හසුවේ. ප්‍රීතිසාද මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ජනතා ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-05-12

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභවාදී ඵලගෙන දෙන අතර ක්‍රියාශීලී දිනකි. නව නිපැයුම් අලුත් වැඩ සඳහා යොමුවෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවේ. අමතර ලාභ මතුකරන අතර දත් රෝග, අක්‍ෂි රෝග මතුවේ.

Date: 2023-05-12

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාදවලට යොමුවේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන අතර ආමාශගත රෝග ද මතුවේ.

Date: 2023-05-12

ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

තුලා

ශුභවාදී ඵල මතුකරයි. ප්‍රීතිසාද උත්සව වැනි දේවල්වලට යොමුවෙයි. විනෝදජනක කටයුතු සඳහා යොදන අතර වැයපස ද ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ස්නායුගත රෝග මතුවෙයි.

Date: 2023-05-12

ජය අංකය: 03
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතුකරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වෙයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. සෙම් ආසාදන රෝග මතුවෙයි.

Date: 2023-05-12

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ක්‍රියාකාරී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල් ද යෙදෙන අතර තරමක් මිල මුදල් වැඩි වන දිනකි. අමතර ලාබ ලබයි. ස්නායු පද්ධතියේ රෝග මතුවේ.

Date: 2023-05-12

ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

ගමන් බිමන් අධික වෙයි. විනෝද ගමන් ද යෙදේ. ආගමික වතාවත් දානශීලාදී ක්‍රියා ආදියෙහිද යෙදෙන අතර තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන් නිසා තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවේ. වාත රෝග කොන්ද ආශ්‍රිත රෝග මතුවේ.

Date: 2023-05-12

ජය අංකය: 04
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

දහමට ලැදිව ක්‍රියාකරයි. දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. තම ඇසුරු කරන්නෝද ඒ සඳහා යොමු කරවයි. අසල්වැසි සබඳතා වර්ධනය වේ. සුහදතා වර්ධන ක්‍රියාකාරකම්වල යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2023-05-12

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

දැහැමි සිතුවිලි මත දවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ගමන් විනෝදජනක ක්‍රියා වැනි දේවල ද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝගවලට ද හේතුයි.

Date: 2023-05-12

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි

 

Share This