කොළඹින් ලාදුරු රෝගීන් 100 ක්

කොළඹින් ලාදුරු රෝගීන් 100 ක්

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා වූ කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 100 ක් වාර්තාවන බව කොළඹ ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

මෙරට වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11 වැනිදා) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.

එමෙන්ම, ක්ෂය රෝගීන්ද ලංකාවේ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

ක්ෂය රෝගීන් ගණන 15 – 20 අතර සංඛ්‍යාවක් කොළඹ නගර සීමාවෙන් මාසයකට වාර්තා වේ.

ලාදුරු සහ ක්ෂය රෝගීන් හඳුනා නොගතහොත් එය තවත් අයකුට බෝවීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය අංශ පවසයි.

ලාදුරු රෝගය මාස 18 කින් සුවකළ හැකි වුවද, ආරක්ෂාකාරී නොවුණහොත් නැවත සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය නිලධාරීහු කියා සිටිති.

කොළඹ සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ලාදුරු රෝගය මර්දනය කළහොත් එය ලංකාවෙන්ම මර්දනය කළා වැනි යැයිද සෞඛ්‍ය නිලධාරීහු කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කියා සිටියහ.

Share This