
රුපියල් එක්කෝටි විසි ලක්ෂයක “කුෂ්” සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද (26) අලුයම, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි.
මෙම කාන්තාව තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන හොංකොං නුවර වෙත ගොස් එතැන් සිට අද අලුයම 12.00 ට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 200 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගී කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.