රු.කෝටි 44ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට

රු.කෝටි 44ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම “කුෂ් ” ගංජා වැටලීම සිදු කරමින්, රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් මගියා සමග අද (26) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.

මොහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක සේවා නිලධාරීවරයෙකි.

ඔහු අද උදෑසන 9.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටව යාමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන්, මොහු නවතා, මොහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී, කිලෝ ග්‍රෑම් 43 යි ග්‍රෑම් 648 ක් බරැති මෙම “කුෂ්” ගංජා තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු සමත් වූහ.