කුරියර් ක්‍රමයට මත්ද්‍ර‍ව්‍ය අලෙවි කළ වෛද්‍ය පීඨ සිසුවෙකු අත්අඩංගුවට

කුරියර් ක්‍රමයට මත්ද්‍ර‍ව්‍ය අලෙවි කළ වෛද්‍ය පීඨ සිසුවෙකු අත්අඩංගුවට

කුරියර් සේවාව මගින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම ලබන සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Share This