2024 ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවාට

2024 ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවාට

2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වූවාය.

ඒ, රටවල් රැසක තරගකාරිනියන් 112 ක් අභිබවා යමිනි.

71 වෙනි ලෝක රූ රුජින තරඟය ඉන්දියාවේ මුම්බායිහි Jio World Convention Center හිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

23 හැවිරිදි ක්‍රිස්ට්යානා පිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී. මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය.

ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි.

මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යෂ්මිනා සයිටූන්ය. තෙවැනි ස්ථානය දිනුවේ, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්ය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාවින්දි නෙත්මිනී කෞශල්‍යාද සහභාගි වූවාය.

වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම වි‍ශේෂත්වයකි.

Share This