සුළඟින් පැමිණි ගිනි පුළිගුවකින් කොහු කර්මාන්ත ශාලාවක් අළු වෙයි

සුළඟින් පැමිණි ගිනි පුළිගුවකින් කොහු කර්මාන්ත ශාලාවක් අළු වෙයි

සුළගේ ආ ගිනි පුළිගුවකින් පුත්තලම මදුරගම ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශ වී ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

අපනයනය කරනු ලබන කොහු සැකසිමේ කර්මාන්ත ශාලාවක් සදහා මෙම කර්මාන්ත ශාලවේ නිශ්පාදිත කොහු ලබා දෙන බව වාර්තා වේ.

මෙම කොහු කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි කැලෑ සහිත ඉඩමක ඇති වු ගිනි ගැනීමකින් පසුව එහි ගිනි පුළිගුවක් සුළගින් පැමිණ මෙම කොහු කර්මාන්ත ශාලාවේ කොහු මතට වැටිමෙන් මෙම ගිනි ගැනිම සිදුව තිබේ.

ඉන් පසුව කොහු කර්මාන්ත ශාලාව පුරාම ගින්න පැතිරි ගොස් ඇති බවත් ගබඩා කර තිබු කොහු විශාල ප්‍රමාණයක් මෙසේ ගිනි ගෙන විනාශ වී ඇති බව කියයි.

කොහු කර්මාන්ත ශාලාව ගිනි ගැනිමත් සමග තම්බපණ්නී නාවික හමුදා කදවුරේ ගිනි නිවන ඒකකය හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකයෙ පිරිස් පැමිණ ගින්න පාලනය කර තිබුනද ඒ වන විටත් කර්මාන්ත ශාලාවේ ගින්න පැතිරි තිබු බවයි, හිමිකරුවන් පවසන්නේ.

ගින්නෙන් තම කර්මාන්ත ශාලාවට සිදු ඇති හානිය රුපියල් කෝටිය ඉක්මවන බවයි, ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

පුත්තලම මුලස්ථාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This