කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කිරීමට අනුමැතිය

කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කිරීමට අනුමැතිය

පින්නවල කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 අයවැය යෝජනාවක් මඟින් පින්නවල කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ යටතේ හඳුනාගනු ලැබ ඇති යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්‌තමේන්තුව විසින් නිදේශ කරනු ලැබ ඇත.

ඒ අනුව, පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.