ජීවත්වීමට නොහැකි බවට ලියුමක් ලියා 17 හැවිරිදි තරුණියන් දෙදෙනෙක්‍ දිවි නසාගෙන

ජීවත්වීමට නොහැකි බවට ලියුමක් ලියා 17 හැවිරිදි තරුණියන් දෙදෙනෙක්‍ දිවි නසාගෙන

කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක් තුළදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටි තරුණියන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ (16) දින හමු වූ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

පෙරියපරන්තන් අක්කර 12 ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියන් දෙදෙනා සියදිවි හානිකරගැනීමට පෙර පිලියක්ද ලියා ඇති බවත් සිරුරු ආසන්නයේ තිබියදී එම ලිපිය හමු වූ බවද පොලීසිය පවසයි.

එහිදී එම ලිපියෙහි මිය ගිය තරුණියන් දෙදෙනා ලියා ඇත්තේ,

‘සියලු දෙනාට අපට සමාව දෙන්න, අපගේ මරණයට කිසිවෙකුත් වගකිව යුතු නැහැ. අපේ මරණයට අපිමයි වගකිව යුත්තේ, අපිට තවත් මේ මහපොළවේ ජීවත් වීමට නොහැකියි, කවුරුවත් අපි ගැන දුක්වෙන්න එපා. අපි පවුලේ අයට හා යාළුවන්ට ගොඩාක් ආදරෙයි. සමාවෙන්න.’ යනුවෙනි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි ලෝගෙස්වරන් තමිලණි සහ සුරෙස්කුමාර් තනිකෙයි යන තරුණියන් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනා ගෙලවැලලාගෙන ඇත්තේ ලෝගේස්වරන් තමිලනී යන අයගේ නිවසේදීය.

කෙසේ වෙතත් මෙම සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සිරුරු දෙක පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇති බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share This