කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සුබ පණිවිඩයක්

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සුබ පණිවිඩයක්

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරන අතර මේ වන විට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් කර ඇතැයි රජය පවසයි.‍

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසර 30 කට අධික කාලයක් දුම්රිය රක්ෂිතයේ අනාරක්ෂිත ලෙස අනවසරයෙන් ජීවත් වන අතර, ඔවුන්ගෙන් පවුල් 350 ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගෙන ඇත.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස සංකීර්ණයේ සහ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මඟින් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස සංකීර්ණයේ නිවාස ඒකක යොදා ගනිමින්, එම පවුල් සඳහා නිවාස පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.