කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිවේදනය කළේය.

මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කිරීමට සිදුවූ බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසිය.

කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඊයේ (27) සවස් කාලයේදී බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් පීලිපැනීමකට ලක් ව තිබුණි.

මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.