කෙහෙළියගේ රිට් පෙත්සමේ තීන්දුවට අධිකරණය දුන් නියෝගය

කෙහෙළියගේ රිට් පෙත්සමේ තීන්දුවට අධිකරණය දුන් නියෝගය

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය විසින් කල්දමා තිබේ.

අද (30) ලබාදීමට නියමිතව තිබූ මෙම තීරණය මැයි 07 වැනිදා දැනුම් දීමට අපේක්ෂා කෙරේ.

මෙම රිට් අයදුම්පත අද පෙරවරුවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබීය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදනය පිළිබඳ නඩු විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයේ තැබීමට පොදු දේපළ පනත යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය බලරහිත කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

Share This