කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ පාසලේ නම වෙනස් කෙරේ
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ඊයේ (16) අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා එම යෝජනාවට අනුමැතිය ලබා දී තිබෙනවා.
පසුගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළුව විවිධ වෘත්තීය සමිති හා මවුපිය සංවිධානය යෝජනා ඉදිරිපත් කර තිබුණා.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් නැනෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේදී මෙම පාසල කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය යන නමින් හැඳින්වීමට පියවර ගනු ලැබූ අතර නව තීරණයත් සමඟ මින් ඉදිරියට මෙම පාසල කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය ලෙසින් හඳුන්වනු ඇති.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2024 පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අනතුරුව මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහුව පසුගිය සැප්තැම්බර් 11 වන දින ඇප මත මුදා හැරුණා.