ටික කලකට දේශපාලනයෙන් ඈත් වෙනවා – කෙහෙළිය

ටික කලකට දේශපාලනයෙන් ඈත් වෙනවා – කෙහෙළිය

ටික කලකට දේශපාලනයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හිතවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සහ සමීප හිතවතුන් පිරිසක් මහනුවර ඕක්රේ හෝටල් පරිශ්‍රයට කැඳවා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පිරිස කැඳවා ඔවුන්ට සුහදශීලීව දිවා භෝජන සංග්‍රහයක් ද ප්‍රදානය කළේය.

මෙම සුහද හමුවට පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පලාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ ජී සිරිසේන මහතා,

අද මේ රැස්වීම දේශපාළන රැස්වීමක් නොවෙයි. කෙහෙළියට අවශ්‍ය වී තිබුණේ තමන්ට මැතිවරණ සමයේ උදව් කළ මහනුවර ජනතාවට කතා කරල කෙටි කාලීනව දේශපාළනයෙන් තමන් ඈත්වී සිටින බව දන්වා සිටීමයි.

මෙම සුහද හමුවට පන්සීයකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.