‍කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට අයත් රුපියල් මිලියන 97ක ගිණුම් අත්හිටුවයි

‍කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට අයත් රුපියල් මිලියන 97ක ගිණුම් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (05) නියෝග කළේය.

ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදුකළ කරුණු දැක්වීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එම විමර්ශනවල ප්‍රගතිය තමන්ට වාර්තා කරන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

පසුගිය මස 26 වනදා හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාට අයත් ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් දින 7ක් සඳහා තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පියවර ගෙන තිබුණි.

Share This