මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන ආරංචි මාර්ග වලට අනුව අත්අඩංගුවට ‌ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිට විශ්‍රාම ගොස් සිටින අවුරුදු 42 හා 46 වයස්වල පවසුවෙමින් ඇති නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශයන්හි පදිංචි සෙබලුන් දෙදෙනෙකි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවයි.

කීත් නොයාර් පැහැරගෙන මහතා ගොස් පහර දීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට සිදු වූ හිංසාකාරී සිදුවීම් අතර ප්‍රධානතම සිදුවීමකි.

කීත් නොයාර් මහතා සේවය කළේ ‘රිවිර මීඩියා කෝපරේශන්’ ආයතනයේ ‘ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘවරයා හැටියටය.

ඔහු පුවත්පතේ යුද තොරතුරු වාර්තා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුද විය. ‘ද නේශන්’ පුවත්පතේ ‘සෙන්පති’ යන අන්වර්ථ නාමයෙන් ‘මිලිටරි මැටර්ස්’ නමැති ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ යුද තත්ත්වය පිළිබඳව වූ ලිපිය සතිපතා රචනා කළේ කීත් නොයාර් මහතාය.