කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවූ බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
ඒ අනුව, එම පර්යන්තය ඉදි කිරීම ජපන් ණය ආධාර මත සිදු කෙරෙන බවයි, ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල විය.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9 කට පහසුකම් සැලසිය හැකි බවයි.
කටුනායක ගුවන්තොටුපොළ පළමු මගී පර්යන්තයෙන් මේ වනවිට වාර්ෂිකව මිලියන 6 කට පහසුකම් සැලසෙනු ඇත.
කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමත් සමග වාර්ෂිකව මිලියන 15 ක පිරිසකට පහසුකම් සැලසීමට හැකි වන බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.