මහනුවරට ගැන වතුර අවදානමක්

මහනුවරට ගැන වතුර අවදානමක්

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ජලගැලීම් වලට ලක්වීම පිළිබඳව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති අවිධිමත් ඉදිකිරීම් මෙම ජල ගැලීම් වලට බරපතළ ලෙස බලපා ඇති බවයි .

මහවැලි නදියට සමගාමීව උස් ස්ථානයක පිහිටා ඇති මහනුවර නගරයේ වැසි ජලය ඇතුළු අනෙකුත් අප ජලය නගරයෙන් පිටමං කරන ප්‍රධාන ඇළ මාර්ග දෙක වන මැද ඇළ අවහිර වන ආකාරයට සිදුකර ඇති අවිධිමත් නීති විරෝධී ඉදිකිරීම් මහනුවර නගරය සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවීමට හේතු වී ඇති බව ඔහු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මහනුවර විලියම් ගොපල්ලව මාවතෙන් ආරම්භ වී ගැටඹේදී මහවැලි නදියට එකතු වෙන මැද ඇළ සහ ඩී.එස්.සේනනායක වීදියේ කෙළවරින් ආරම්භ වී කටුගස්තොට අලි නාවනතොට අසලදී මහවැලි නදියට එකතු වෙන මැද ඇළේ බොහෝ ස්ථාන ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසුවීම හේතුවෙන් එම ඇළ මාර්ග දෙක බෙහෙවින් පටුවී ඇති බවයි.

මෙම තත්ත්වය උඩ කෙටි වේලාවක් තුළදී මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාවක් මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුනහොත් නගරයට බරපතළ හානි ගෙනදෙන ජල ගැලීම් වලට ලක්විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කළා.

මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දී ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කලා.

Share This