මහනුවරින් නව දේශපාලන සන්ධානයක්

මහනුවරින් නව දේශපාලන සන්ධානයක්

මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා තිබේ.

මෙම නව සන්ධානයේ සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා සහ ලේකම් ජයලාල් නිශ්ශංක යන මහත්වරු කටයුතු කරයි.

අපේ සන්ධානය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව මහනුවර ඩෙවෝන් ශාලාවේ දී අද පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා මෙසේ පැවැසීය.

අපේ රටට පසුගිය වසර 74 තුල කිසිදු ජාතික වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වී නැහැ අපේ රට ආර්ථික වශයෙන් දූෂණයට වංචාවට ලක්වූ දේශයක් අපි අද ඉතා පහළ තත්ත්වයට ඇද වැටී ඇත්තේ මෙරට නීතීය ඉතාමත් පහළට ඇද වැටී ඇති නිසා.

ඇද වැටී තිබෙන අපේ රට ගොඩ ගැනීමට මේ රටේ සියලු ජාතික සංවිධාන වල නියෝජිතයන්ට අපි ඇරයුම් කරනව.මේ රට සැමට පොදු නීතී⁣යක් ක්‍රියාත්මක වන නීතී ගරුක රටක් ලෙස රට හදන්න සැමගේ සහාය අපේක්ෂා කරනව.