කළුතර ගෑස් සිලින්ඩරයේ මනාප යළි ගණන් කෙරේ

කළුතර ගෑස් සිලින්ඩරයේ මනාප යළි ගණන් කෙරේ

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යළි ගණන් කිරීම ආරම්භ කළේය.

ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරගකළ එම පක්ෂයේම ප්‍රභල අපේක්ෂකයින් දෙදෙනකු ගේ මනාප සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මනාප යලි ගණන් කරන ලෙස එක් ප්‍රබල අපේක්ෂකයෙක් ඉල්ලා සිට ඇති බව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සදහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරගකළ හිටපු අමාත්‍ය වරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය වෙත පැමිණ තිබේ.

හිටපු අමාත්‍ය වරුන් දෙදෙනා ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ද මැතිවරණ මෙහෙයුම් මැදිරිය ආසන්නයේ රැදී සිටී.