සුළං බලාගාර කුළුණක තට්ටක් ගෙවල් දෙකකට කඩා වැටෙයි
කල්පිටිය සුළං බලාගාරයේ සුළං පංකාවක පෙත්තක් ගැලවි යාමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා.
ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.
මිට වසර 10 කට පමණ පෙර ස්ථාපිත කළ මෙම පංකාව කිසිඳු නඩත්තුවක් හෝ අලුත්වැඩියාවක් සිදු නොකිරිම හේතුවෙන් ලවණ මිශ්ර සුළං හේතුවෙන් දිරාපත්ව ඇති බවටයි ප්රදේශවාසින් පවසන්නේ.
මෙම එක් සුළං විදුලි උත්පාදන කුළුණක උස, අඩි 270 කට අධික වන අතර එහි සවිකර ඇති තට්ටක් අඩි 129 ක පමණ දිගකින් සමන්විතයි.
මිට පෙර අවස්ථා කිහිපයකදි කල්පිටිය ඉලන්තිඅඩිය, නොරොච්චෝල ආදි ප්රදේශවල ස්ථාපිත කර තිබු සුළං පංකා ගිනි ගැනිමට මෙන්ම ඒවායේ තටු කඩා වැටිම හේතුවෙන් අනතුරු වාර්තා වුණා.