මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) පස්වරුවේ කුට්ටිගල – පදලංගල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‍.

ඒ, අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් වුණි.