කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට

කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල පොලිසියට අනුයුක්තව තංගල්ල කොට්ඨාස රථවාහන අංශයේ සේවය කරන වීරකැටිය කැප්පෙටියාවේ පදිංචි 35 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

වෙඩි තබා ඝාතනය කල පුද්ගලයා වසර 20 ක පමණ කාලයක සිට තම මිතුරෙකු බවත් ඔහුගේ ඉල්ලීම පිට පොලිස් නිළඇදුම් කොටස් අලෙවි කරන රථයෙන් එකක් රුපියල් 4800 ක මුදලකට අත් විලංගු දෙකක් මිළදී ගෙන ලබාදුන් බවට සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදුන් බව පොලිසිය පවසයි.

එම අත්විලංගු යුගල දෙක ඉකුත් 18 දා රැගෙන යන ලෙස තමා මියගිය අයට පැවසූ බවත් තමා නිවසේ නොසිටියදී ඔහු එය රැගෙන ගොස් ඇති බවට සැකකරු වැඩිදුරටත් පවසා තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා මිද්දෙණිය පොලිසියට බාරදී තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මිද්දෙණිය පොලිසිය සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.