කඳානේ වෙඩි තැබීමක්

කඳානේ වෙඩි තැබීමක්

කදාන පොලිස් බල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

අංක 405/f ජය මාවත, පොල්පිතිමුකලාන, කඳාන ලිපිනයේ පදිංචි එච්. සුජිත් රෝහිත පෙරේරා (43) යන අයගේ නිවසට ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇත.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ මාළු ව්‍යාපාරිකයාගේ බිරිද හා දරු දෙදෙනා නිවස තුළ සිට ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නැති අතර වෙඩි තැබීම ට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.